Adsense

May 9, 2013

කියන්න කියන්න.. හඳ රැඳි දේ මා සමගේ..

පද පෙල දකින කොටම අපි කවුරුත් අහල තියන ඒ ගීතය ඉබේම මතක් වෙනව නේද ?  හැබැයි මේ ගීතය ගායනා කරන්නෙ කවුද කියල හුඟක් අය දන්නෙ නැහැ. ඒ තමයි නදීක ජයවර්ධන (Nadeeka Jayawardhana)




ගීතය අහන්න :


නදීක ජයවර්ධන මහතා මේ දිනවල කරන කියන දේවල් ගැන දැනගන්න, Google ආයතනය හා Music.lk ආයතනය එක්ව සිදුකරන Ripples Of Music වැඩසටහනේ 10 වැනි වැඩසටහන බලන්න.

වැඩසටහන නරඹන්න. (Youtube)
http://www.youtube.com/watch?v=F1fMjgyHEWo

පසුගිය Ripples Of Music Hangouts On Air වැඩසටහන් නරඹන්න.
http://www.youtube.com/playlist?list=PLKsPEhiXoSRsoo3a6J9xFpSUaURBsN1iZ

Hanouts On Air වැඩසටහනක් සමගින් එක් වෙන්න කැමතිද ? පහතින් ඇති link එකට ගොස් ඔබගේ විස්තර එක් කරන්න.
http://www.music.lk/live


Kiyanna Kiyanna - Nadeeka Jayawardhana Lyrics

කියන්න කියන්න.. හඳ රැඳි දේ මා සමගේ
කියන්න කියන්න.. ඇති සැමදේ රිසි සේ

හද පුරා ආදරේ
ඔබටයි ඉඩ හදවතේ
දිස්වෙයි මුතුවන් සිනා
දෙනුවන් යුග ලඟ මගේ
මන්මත් සිත පුරා
කැළඹෙයි වේදනා හැඟුම්
නොදැනී ඒ ඇසිල්ලේ
කියවෙයි ඔබ නම හොරෙන්

කියන්න කියන්න.. හඳ රැඳි දේ මා සමගේ

නිදිවරා ජීවිතේ මා ගෙතූ ගීතයේ
දැවටෙයි ඔබ කී වදන්
දෙසවන් යුග ලඟ මගේ
සුදුවන් පිටු පුරා
බිහිවෙයි ගී ඔබේ නමින්
නොසිතා ඒ පිටු කොනේ
ලියවෙයි ඔබ නම් හොරෙන්


කියන්න කියන්න.. හඳ රැඳි දේ මා සමගේ
කියන්න කියන්න.. ඇති සැමදේ රිසි සේ..//