Adsense

February 24, 2013

ලංකාවේ පළමුවන Vanity url සහිත Google+ Page එක.

Google+ භාවිතා කරන අය දන්නවා ඇති Facebook වගේ නෙවෙයි Google Plus Page වල අපිටම කියා Customized URL එකක් ගන්න බැහැ. අඩුම තරමේ Profile එකකට වත් බැහැ.

අපි Page එකක් හැදුවහම ලැබෙන URL එකේ එන්නෙ පහත රූපයේ පරිදි අංක රාශියක්.


නමුත් මේ තත්වය දැන් ටික ටික වෙනස්. ලෝක ප්‍රකට ගායක ගායිකාවන්ගෙ, නළු නිලියන්ගෙ හා වෙනත් ප්‍රකට පුද්ගලයන්ට හා විශාල සමාගම් වලට පමණක් Google සමාගමෙන් විශේෂ ඉල්ලීමක් කිරීම මගින් මෙම URL එකක් ලබා ගැනීමේ හැකියාව තිබෙනව. මේ මොහොත වන විටත් එය සාමාන්‍ය පරිදි (Facebook එකේ ආකාරයට) ලබා ගැනීමේ හැකියාවක් නැහැ.

පහතින් බලන්න එවැනි Vanity url හිමි පුද්ගලයන්, සමාගම් හා ඔවුන්ගේ Pages.

David Beckham - https://plus.google.com/+davidbeckham

Britney Spears - https://plus.google.com/+britneyspears

HUGO BOSS - https://plus.google.com/+hugoboss

TOYOTA - https://plus.google.com/+toyota/posts

Delta - https://plus.google.com/+Delta

Pitbull - https://plus.google.com/+Pitbull

තත්වය මෙසේ වුවත් ලෝකප්‍රකට Linkin Park සංගීත කන්ඩායම වත් මේ වන විට Vanity url එකක් ලබාගෙන නැහැ.

මෙවන් තත්වයක් තිබියදී Google සමාගම මගින් දැන් ශ්‍රී ලංකාවේ Page එකකටත් Vanity url ලබා දී තිබෙන අතර එය Music.lk ආයතනයේ G+ Page එක වේ. තවද එම ආයතනය ශ්‍රී ලංකාව තුල Google Plus භාවිතය ජනප්‍රිය කරවීමට විශාල මෙහෙයක් ඉටු කරන ආයතනයක් හා ලංකාවේ වැඩිම Followers සංඛ්‍යාවක් සිටින Google Page වන්නේද Music.lk page එක වේ. 

මේ අනුව www.google.com/+MusicLk යන කෙටි URL එක මගින් ඔවුන්ගේ එම Page හා සම්භන්ධ වීමට හැකි වේ. මෙවන් තත්වයක් ලබා දුන් Google Team එකට Music.lk ආයතනය ස්තූති කර සිටියි.



www.google.com/+MusicLk

ඔබ තවම Google Plus Profile එකක් හදාගෙන නැත්ද ? 
පහත Link එකට ගොස් දැන්මම G+ Profile එකක් හදාගන්න.
https://plus.google.com/